Monday, January 12, 2015

AboutFunkyDevils

Share & Comment
Funky Devils - පිස්සු යක්කු - අසීමිත සිව් බලයක ජව පරාක්‍රමණය
Release @ 13th January  2015.
Developer– Hasitha C. Jagoda.  
E-mail – hasithacj@gmail.com
ඔබගේ අදහස් හා ගැටලු ඉදිරිපත් කල හැකි ෆේස්බුක් පිටුව - https://www.facebook.com/funkydevilsgame
Official blog - http://funkydevilsgame.blogspot.com
මම හසිත චන්දන ජාගොඩ. ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ගණිත අංශයෙන් ඉගෙනුම ලබා දැන් දෙවෙනි වරට උසස්පෙලට මුහුන දෙනවා.
මේ මගේ තුන්වෙනි පරිගනක ක්‍රිඩාව (පලවෙනි එක SLPL 2012, දෙක විලි). මේ ගේම් එක HTML 5 තාක්ෂනය බාවිතයෙන් තමයි හදල තීන්නේ. මේකත් 100% මගේ ගේමක් (background music කුත් මගේ. කොහෙන්වත් උස්සපුවා මොනවත් නෑ). විශේෂත්වය තමයි මේක ඕනම OS එකක වැඩ කරනව. Computer, Smart Phone, Tablet PC, කියල වෙනසක් නෑ web browser එකක් තීනවනම් ගේම වැඩ. 

මේකට තේමාව වෙලාතීන්නේ අපි කව්රුත් දන්න ගමරාලගේ කතා මාලාව (අර යකුන්ගෙන් වැඩ ගත්තේ) . ඔන්න ඔය ගමරාලගේ නුතන පරම්පරාව තමයි ගේමෙ ඉන්නනෙ. ගමරාලගේ ගෝලයෝ හැටියට යක්කු 4ක් ඉන්නවා. ඒ ඒ යක්කුන්ට ආවේනික උන බල 4 කුත් තීනව. Official trailer එක බැලුවනම් වැඩේ තේරෙනවා

ප්‍රති ගුරත්වය - මේකෙන්  ඕන දෙයක් උස්සන්න පුලුවන් ( පාකරන්න )
කඨින කප්පාදුව - මේකෙන්  ඕන දෙයක් කපන්න පුලුවන් ( කෙහෙල් කැන්., තැඹිලි වලු ,+ CCTV)
දෘඩ වියුක්තනය - මේකෙන්  ඕන දෙයක් උගුල්ලන්න පුලුවන් ( මඤ්ඤොක්කා, නිධන් )
අත්‍යන්ත මංමුළාව - මේකෙන් මිනිස්සුන්ව මුලා කරන්න පුලුවන්

ඉතින් මේ version එකේ මේ බල වලින් වැඩ ගන්න Levels 18 ම හදල තීනව. Level 30 ක් හදලම release කරන්න හිටියත් අධ්‍යාපන වැඩත් එක්ක කරන්න බෑ. ඒක හින්ද ලඟදිම Comments වල හැටියට update එකක් දෙනවා.

මේ level 18 ත් ලස්සන ලස්සන දේවල් තීනව. (CIA Agents ලා වගේ හොරකමේ යන්න, ට්‍රැක්ටරෙන් යන්න,++) ඊලඟ update එකෙත් නියම වැඩ ටිකක් දාන්න හිතන් ඉන්නවා (හඳේ හොරකම් කරන්න, මුහුදෙ Pirates වැඩ දාන්න)

ඕන කෙනෙක්ට ගහන්න පුලුවන් වෙන්න විවිද platform 3ට ම ගේම release කරල තීනව ඒ
Windows HD (.EXE), Windows SD(.EXE), Android(.APK)
Windows Phone app එකත්, apple iOS app එකත් දෙන්න පුලුවන් ඒත් මට ඒක debug කරන්න device එකක් නැ. ඒකයි දුන්නැත්තේ. Apps බාගන්න links, blog එකෙන් හොයාගන්න පුලුවන්.
දැන් ඔයාල බලනව ඇති game එක play store එකේ නැද්ද කියල. කෙලින්ම කියනව නම් මට ඕකට ගේම දාන්න ආස උනත් ඒකට අවශ්‍ය මුල්‍ය ශක්තිය නෑ.  

ගෙම හදන්න ගොඩක් උදව් කරපු මගේ අයියටත්, අම්මටත්, අසල්වැසියා තාරකටත් ගොඩක් ස්තූතියි ( graphics වල ඇදකුද කිව්වට thanks )!. උදව් කරපු යාළුවන්ටත් thanks හොඳේ.
ඉතින් බාගෙන ගහන්න තමයි තීන්නේ. How to play Video එකත් බලලම play කරන්න. Play කරන විදිය ගැනත් post එකක් තීනව.
ඒ වගේම කියන්න අමතක උනා FUNKY DEVILS ඔබට ලබාදෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ.............................


Comment කරන්න අමතක කරන්න එපා
Tags:

Written by

-The Developer of Funky Devils.

0 comments:

Post a Comment

 
@2015 | Developed By Hasitha C. Jagoda